Wednesday, 16 March 2022


මේ වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට ශ්රී ලංකාව සමත් වී තිබේ.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර ඒ අනුව විදේශ විනිමය උපයා ගැනීම වෙනුවෙන් මේ වසරේ මුල් මාස දෙකේ දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 582.8ක් බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 314.5ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන අතර එම මාසයේදී විදෙස් සංචාරකයන් 96,507 දෙනකු ශ්රී ලංකාවට පැමිණ තිබෙන බව ද ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වුවද මේ වසරේ පෙබරවාරි මාසයේ සංචාරක කර්මාන්තයේ ඉපයීම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව පෙන්වා දෙන ශ්රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේදී සංචාරක ඉපයීම අමෙරිකානු ඩොලර් මිලියන 268.3ක් බව ද ජනවාරි මාසයේදී එක් සංචාරකයකුගේ වියදම අමෙරිකානු ඩොලර් 3,258.9ක් බව ද පෙන්වා දෙයි.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට පෙබරවාරි මාසයේ 28 දා තෙක් විදෙස් සංචාරකයන් 178,834 දෙනකු සංචාරය සඳහා ලංකාවට පැමිණ තිබෙන බවත් ශ්රී ලංකාව මුහුණ දී සිටින මූල්ය අර්බුදයෙන් ගොඩගැනීම සංචාරක කර්මාන්තය මත රඳාපවතින බවත්ය.
කෙසේ වුවද සංචාරක කර්මාන්තය ප්රකෘතිමත් කරමින් ආදායම් ඉපයීමේ ක්රියාදාමය වේගවත් කිරීම වෙනුවෙන් රජය පියවර ගනිමින් සිටින අතර එය යම් යම් අභියෝගවලට මුහුණ දෙන බව ද මේ කර්මාන්තය වෙනුවෙන් රුසියා - යුක්රේන යුද ගැටුම් බලපා තිබෙන බව ද ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...