Monday, 4 April 2022







පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්යවරු 04දෙනෙකු 04 පෙරවරුවේ පත් කර තිබේ.

විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත් ධුර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්රධාන සංවිධායකවරයෙක් පත්කර ගැනීමට අවශ් බැවින් එම ඇමතිවරුන්ගේ පත්කිරීම සිදුකර ඇතැයි ජනාධිපති මාධ් ඒකකය නිවේදනය කරයි.

රටේ පවතින ජාතික අභියෝගය විසඳාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් සමග ඉදිරියේ දී සාකච්ඡා කර, ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටී.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්යවරුන්,

01. අධ්යාපන - දිනේෂ් ගුණවර්ධන මහතා (සභානායක)

02. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා

03. මහාමාර්ග - ජොන්ස්ටන් ප්රනාන්දු මහතා (ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක)

04. මුදල් - අලි සබ්රි මහතා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...