Friday, 8 April 2022

ලංකාවේ තත්ත්වය ඉතා තීරණාත්මකයි ! ප්‍රබල රටවල් 10කින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වෙයි !


ශ්රී ලංකාවේ පවතින තත්ත්වය ගැන යුරෝපා සංගමය සහ තවත් රටවල් කිහිපයක ධූත මණ්ඩල විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්රී ලංකාවේ මෑතකාලීනව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ නිවේදනය
යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සාමාජික රටවල තානාපති කාර්යාල [ජර්මනිය, ප්රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව] සහ ඕස්ට්රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමඟ එක්ව පහත නිවේදනය නිකුත් කරයි.
සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ, අදහස් ප්රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැළකිය හැකිය. එබැවින් සියලු පාර්ශ්වවලට සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස ද අපි දකින්නෙමු.
ශ්රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්රජාතන්ත්රවාදී ක්රමවේද පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද අපි සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු.
මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක වන අතර, ශ්රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමුකරගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන්, ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ ගැඹුරින් සාකච්ඡා කළ යුතු බව ද අපි අවධාරණය කර සිටින්නෙමු.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...