සිමෙන්ති කොට්ටයක් තවත් රුපියල් 450කින් වැඩි කිරීමට ගෙන ඇතී තීරණයත් සමග ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙන බව ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසයි.
සිමෙන්ති ගෝනියක මිල ඉහළ දැමීමට ගත් තීරණය මේ සතියේ සිට ක්රියාත්මක වන බවත්, එම මිල ඉහළ දැමීමෙන් පසු සිමෙන්ති ගෝනියක මිල රුපියල් 3000ක් පමණ වූ බවත් ඔහු පැවසීය.
“රටේ ආර්ථිකය අස්ථාවර වී ඇති වත්මන් තත්ත්වය තුළ සිමෙන්ති මිල වැඩි කිරීමට කළු කඩ ව්යාපාරිකයන් පියවර ගෙන තියෙනවා. සමාගම්වලට තමන්ට කැමති පරිදි මිල වැඩි කිරීමට අයිතියක් දීලා තියෙනවා. කළු කඩ ව්යාපාරවලට අවශ්යව ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වට්ටවීමටය’ යනුවෙන් ඔහු පැවසීය.
වෙළඳපොලේ සිමෙන්ති හිඟයක් පවතින බවට වාර්තා වන බවද ඔහු පැවසීය.

No comments:
Post a Comment