Sunday, 24 April 2022

විරෝධතාකරුවන්ට තුවාල සිදු කිරීමට පොලිසිය ගත් උපක්‍රමය හෙළි වෙයි !


ගාලු මුවදොර ප්‍රදේශය ආසන්නයේ අද (අප්‍රේල් 24) පැවති විරෝධතා මැඩ පැවැත්වීම සඳහා කළු රෙදිවලින් වැසූ කටු සහිත මාර්ග බාධක යොදා ගෙන ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙන්වා දෙන්නේ, ඒ පිළිබඳව තම සංගමයේ මෙන් ම මහ ජනතාවගේ ද අවධානය යොමු වුණු බව ය.

ඉන් පුද්ගලයින්ට බරපතළ තුවාල සිදු විය හැකි බව ඔහු සඳහන් කර තිබේ.

ඔහු ප්‍රකාශ කරන්නේ, එලෙස මාර්ග බාධක යොදා මාර්ග අවහිර කිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් වුණු බව ය.

ඒ හේතුවෙන් රජය, පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාව ඇතුළු බලධාරීන්ගෙන් සෑම අවස්ථාවකදි ම සංයමයෙන් කටයුතු කරන ලෙස ඔහු ඉල්ලිමක් කර ඇත.

විරෝධතාකරුවන්ගේ සහ මහ ජනතාවගේ ආරක්ෂාව, සාමකාමී ලෙස විරුද්ධ වීමට ජනතාවට ඇති අයිතිය හා පුරවැසියාගේ ගමන් නිදහස සහතික කිරීමට ඔවුන් බැඳී සිටින බව ද සාලිය පිරිස් මහතා අවධාරණය කර තිබේ.

ඔහු වැඩිදුරට ත් සඳහන් කරන්නේ , කුමන තරාතිරමක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වුව ද එය රටට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...