Friday, 1 April 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, අදාළ පිරිස අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැක්, පොදු දේපළ පනත යටතේ පමණක් බව ය.

ඊයේ (මාර්තු 31) සිදු කළ විරෝධතාව ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්විය නොහැකි බව ද එම කොමිසම් අවධාරණය කළේ ය.

එහි සිදු වූයේ, පොදු දේපළවලට හානි සිදුවීමක් පමණක් බව එම කොමිසම වැඩිදුරට ත් පැවසිය.

මේ අතර, සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලිමට මානව හිමිකම් කොමිසමේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් මිරිහාන පොලිසියට පිටත්ව ගොස් තිබේ.

පොලිස් භාරයේදී ඔවුන්ට වධහිංසා කිරීම් සිදුවී තිබේදැයි නිරික්ෂණය කිරිම හා අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම ඔවුන්ගේ අරමුණ බව එම කොමිසමේ නිලධාරියෙක් මබිම'ට පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ආසන්නයේ ඊයේ සවස විරෝධතාවක් පැවැත් විණි.

විරෝධතාකරුවන් ජුබුලි කණුව මංසන්ධියේ සිට මිරිහානේ පිහිටි ඔහුගේ නිවස ආසන්නයට පා ගමනින් පැමිණි තිබුණු අතර ඊර්ට සමගාමිව රථ පෙළපාලියක් ද පැමිණි පැමිණ තිබිණි.

ඔවුහු රථ වාහනවල නලා හඩවමින් විරෝධතාවට එක් විය.

ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එම විරෝධතාව පැවැත්විණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...