Friday, 1 April 2022


අවශ්ය වුවහොත් රට තුළ සමාජ මාධ්ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට ද සූදානම් බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති, ජ්යෙෂ්ඨ පොලිස් මාධ්ය ප්රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

.ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) පැවති මාධ්ය හමුවකදීය.
එහිදී මාධ්යවේදියෙක් ප්රශ්න කළේ යම් ප්රචණ්ඩකාරී ක්රියාවන් සඳහා සමාජ මාධ්ය හරහා පෙළඹවීමක් තවදුරටත් සිදුවන්නේ නම් ගන්නා ඉදිරි ක්රියාමාර්ග මොනවාද යන්නය.
ඊට පිළිතුරු දුන් ජ්යෙෂ්ඨ පොලිස් මාධ්ය ප්රකාශක අජිත් රෝහණ මහතා,
"යම් කලහකාරී සිද්ධියක් සිදුකිරීම සඳහා සමාජ මාධ්ය හරහා යම් පෙළඹවීමක් තිබෙනවා නම් හෝ ඒ ගැන පෙළඹවීමේ අවදානමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිය අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා."

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...