කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ විරෝධතාවක් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ග පිවිසුම, පිටවිම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පිවිසෙන මාර්ගය ඇවරිවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇතැයි අප වාර්තකරු පවසයි.
ඒ හේතුවෙන්, මෙරටින් පිටවන මගීන්ට පා ගමනින් ගුවන්තොටුපළ වෙත යාමට සිදුව ඇති බව ඔහු පැවසිය.
ජනමතයට හිස නොනමන මිනීමරු ජනපිඩක ආණ්ඩුව පන්නමු – ජනතා සටන දිනවමු” යන්න කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (අප්‍රේල් 28) උදෑසන සිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිටින් ආරම්භ විය.
වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරනු ලැබ තිබුණු අතර ඊට කටුනායක නිදහස් වේළෙඳ කලාපය තුළ සේවය කරන සේවක සේවිකාවන් විශාල පිරිසක් සහභාගි වී සිටින බව අප වාර්තාකරු පැවසීය.
ඔහු සඳහන් කළේ, විරෝධතාවට සහය දැක්වීම සඳහා ඇවරීවත්ත නගරයේ සියලු ම කඩ සාප්පු ද වසා දමා තිබුණු බව ය.
ටී. කේ. ජී. කපිල - කටුනායක
No comments:
Post a Comment