රඹුක්කන විරෝධතාව අතරතුර වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුව වහා ම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා අද (අප්‍රේල් 28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගය අද දින පොලිස් මූලස්ථානය වෙත ලැබුණු බව ය.
රඹුක්කන විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාක්වරයා ඊයේ (අප්‍රේල් 27) නියෝග කළේ ය.
අදාළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලැබූ අතර පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.
ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ , අදාළ තුවාල වෙඩි වැදිම් හේතුවෙන් ඇති වූ ඒවා බව ය.
අප්‍රේල් 19 වන දා රඹුක්කන ප්‍රදේශයේදි ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙන් අදාළ විරෝධතාව ඇති වී තිබිණි.
No comments:
Post a Comment