Friday, 8 April 2022

ඩොලරයේ අගය තවත් ඉහළට


2022 අංක 03 දරන මුදල් ප්රතිපත්ති විවරණය 2022 අප්රේල් මස 08 වැනි සිකුරාදා පස්වරු 5.30 ට දැනුම් දෙනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

පසුගිය 2022 අප්රේල් මස 05 වැනි අඟහරුවාදා පෙරවරු 7.30 ට මෙම දැනුම් දීම සිදුකිරීමට නියමිතව තිබුණ ද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතතා අප්රේල් 04 දින මහ බැංකු අධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම මුදල් ප්රතිපත්ති විවරණ දැනුම් දීම කල්දැමුණි.
මේ අනුව නව මහ බැංකු අධිපතිවරයා වශයෙන් 07 දිනයේ දී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුතුව රැස්වෙන මුදල් මණ්ඩලය විසින් ගනු ලබන ප්රමුඛ තීරණයක් ලෙසින් 08 දිනයේ දී මුදල් ප්රතිපත්ති විවරණය නිවේදනය කෙරෙනු ඇත.
2022 අංක 02 දරන මුදල් ප්රතිපත්ති විවරණය පසුගිය මාර්තු 03 දින නිවේදනය කරමින්, ශ්රී ලංකා මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී.
07 දිනයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 364 පරිණත කාලයෙන් යුත් බිල්පත් පොළිය පදනම් අංක 341 කින් ඉහළ ගිය අතර ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතිකවල තීරණාත්මක වැඩි වීමක් හෙට දිනයේ දී ප්රකාශයට පත් විය හැකි බවට විශ්ලේෂකයින් සඳහන් කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...