Friday, 8 April 2022

කබ්රාල්ට රට යාම උසාවියෙන් තහනම් කරයි!


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද නිකුත් කෙරිණ.
කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝගය නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න සහ නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...