අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 308.49 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක ගැනුම් මිල සඳහන් වන්නේ රු. 298.10 ක් ලෙසටය.
මේ අතර එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 320 ක් ලෙස මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම අද (06) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 310.00
මහජන බැංකුව - රු. 306.99
සම්පත් බැංකුව - රු. 320.00
සෙලාන් බැංකුව - රු.320.00
කොමර්ෂල් බැංකුව - රු. 308.00
HNB - රු. 310.00
NDB - රු. 320.00
DFCC - රු. 310.00
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - රු.320.00
No comments:
Post a Comment