පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්ලුව මහතා ප්‍රකාශ කළේ, කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.
අනතුරුව ඔහු මෝදර පොලිසියට ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලා හරහා මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ පළ කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය ප්‍රකාරව එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.
ඒ අනුව, ඔහු අද (අප්‍රේල් 2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.
අදාළ තරුණයා ඊයේ (අප්‍රේල් 1) රාත්‍රී පොලිසියට යැයි කියාගත් පිරිසක් විසින් ඔහුගේ නිවසට පැමිණ රැගෙන ගොස් ඇති බවට වාර්තා පළ වී තිබිණි.
එමෙන් ම, රැගෙන යාමෙන් අනතුරුව ඔහු සිටින ස්ථානයක් පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි ද අදාළ වාර්තාවල සඳහන් කර තිබිණි.
ඒ අනුව, මේ පිළිබඳව සොයා බලන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර පසුව අනුරුද්ධ බණ්ඩාර තරුණයාට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මගින් පොලිසියට උපදෙස් ලබා දී තිබිණි.
No comments:
Post a Comment