Saturday, 9 April 2022

අර්බූදය අස්සේ රෙදිපිළි-තේ ඇනවුම් ලංකාවෙන් ගැලවෙයි ! ඕඩර් සියල්ල ඉන්දියාව ඩැහැගනී !


දැනට රට තුළ මතුව ඇති ආර්ථික සහ බලශක්ති අර්බූදය හමුවේ මෙතෙක් ජාත්යන්තරයෙන් ලංකාවට හිමිව තිබූ රෙදිපිළි සහ තේ ඇනවුම් විශාල ප්රමාණයක් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

එම ඇනවුම් රැසක් දැනටමත් ඉන්දීය වෙළෙදපොළ වෙත ඇදී ගොස් ඇති බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වාර්තා කොට ඇත.
දිනකට ‌බොහෝ වේලාවක් විදුලිය කප්පාදුව හේතුවෙන් තේ දළුවල ගුණාත්මක භාවය අඩු වී ඇති බවද එම අඩවිය වාර්තා කොට තිබේ.
මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී තවත් බරපතළ අර්බූදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...