Sunday, 24 April 2022

කඩදාසි නැති නිසා හබරල කොලේ සටන් පාඨ !



රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි ඇතුළු මුද්රණ ද්රව්ය හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විරෝධය පා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලේඛක ලේඛිකාවන්, පොත් ප්රකාශකයන් සහ මුද්රණකරුවන් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා
ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

මෙයට සහභාගී වූ ඇතැමුන් සටන්පාඨ ලිවීම සඳහා කොලපත්, හබරල කොළ ආදිය යොදාගෙන තිබීම විශේෂත්වයක් විය.
පිරිස කොල්ලුපිටිය මංසන්ධියට රැස්වී එහි උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව ගාලු මුවදොර පිටිය බලා ගමන් ඇරඹූහ.
‘කඩදාසි මිල අඩුකරනු’, ‘අකුරුය අප අවිය’, ‘අහිමිවන මවුබිම අවදිවීමයි යුතුකම’ ආදී සටන්පාඨ සහිත පුවරු ප්රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.
ඔවුහු ගාලු පාර ඔස්සේ ගොස් ගාලු මුවදොර විරෝධතා භූමියට පිවිස එහිදීද රජයට සිය විරෝධය පළ කළහ.


ඩයනා උදයංගනී

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...