Monday, 25 April 2022

කබ්රාල් ට එරෙහිව අධිකරණයෙන් තවත් නියෝගයක් !


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

කබ්රාල් මහතා ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්ය මුදල් අවභාවිතාවක් සිදුකළේ, යැයි චෝදනා කරමින් පූජ්ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කළේය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ජුනි මස 7 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහෙස්ත්රාත්වරයා විසින් සිතාසි ද නිකුත් කරනු ලැබීය.
2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ අමාත්ය මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් අමෙරිකානු ජාතික සුබේරි නැමැති පුද්ගලයෙකුට ගෙවීම තුළින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ සාපරාධි පරිහරණයක් සිදුකර ඇති බවට පැමිණිලිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කර තිබුණි.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝග නිකුත් කළේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...