Friday, 8 April 2022

අගමැති ඉම්රාන් ට අධිකරණයෙන් නියෝගයක් !


පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට මෙම සති අන්තයේ සිය තනතුර අහිමිවීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්ය පවසයි.

එරට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඔහුට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් පැවැත්වීම අවහිර කිරීමට ඔහු ගත් පියවර ව්යවස්ථා විරෝධී බවය.
පසුගිය ඉරිදා ඉම්රාන් ඛාන් ගේ පක්ෂය අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු ජන්ද විමසීමක් පැවැත්වීම අවහිර කිරීමට පියවර ගත්තේය.
නමුත් එම විශ්වාසභංග යෝජනාව සඳහා වූ ඡන්ද විමසීම පාලක පක්ෂය පරාජය වීමට ඉඩතිබු බව සඳහන් වෙයි.
ඉන් අනතුරුව සිය රජය විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ඉම්රාන් පියවර ගත්තේය.
එම තීරණයට විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරු දැඩි ලෙස විරෝධය දැක්වූ අතර අනතුරුව ඔවුන් ශ්රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.
එය සලකා බැලූ අධිකරණය තීරණය කළේ පාර්ලිමේන්තු ව අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතු බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...