Monday, 4 April 2022


ශ්රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයාට යවා ඇති බව ට්විටර් සටහනක් තබමින් අද පෙරවරුවේ කියා සිටියේය.

කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මහ බැංකුවේ මුදල් මණ්ඩලය 04 දින රැස් වී ඇති බවත් 2022 අංක 03 දරන මුදල් ප්රතිපත්ති විවරණය අද (05) දිනයේ දී ප්රකාශයට පත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගැනීම සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ වන විට විදෙස්ගතව සිටින අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දක්වන ලද
ප්රතිචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...