රෝහල්වල ඖශධ හා උපකරණ හිඟය දරුණු වුවහොත් යුද්ධයෙන්, සුනාමියෙන් හා වසංගතයෙන් මිය ගිය පිරිසට වැඩි මරණ ගණනක් ඉදිරියේ වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළුව වෛද්‍ය සංගම් හතක් ජනාධිපතිවරයාට ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත.
අත්‍යවශ්‍ය ඖෂධ, ප්‍රතික්‍රියක හා උපකරණවල දැඩි හිඟයක් දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේ ම පැන නැගී ඇතැයි ද ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් දින කිහිපයක් ඇතුළත හදිසි ප්‍රතිකාර නතර කිරීමට සිදුවනු ඇතැයිද වෛද්‍ය සංගම් එම ලිපියේ සඳහන් කර ඇත.
මෙය ඉතා ම විනාශකාරි අත්දැකීමක් වනු ඇතැයි වෛද්‍යවරු සිය ලිපියෙන් ජනාධිපතිවරයාට පවසති.
සෞඛ්‍ය යනු මිනිසුන්ගේ ශාරීරික මෙන් ම මානසික, සමාජීය හා ආත්මිය යන සියලු අංශ නියෝජනය කරන විෂයක් යැයි පවසන ඔවුහු ඒ නිසා මේ සම්බන්ධයෙන් සිය සංවිධානවල උපරිම අවධානය
යොමු කර ඇතැයි ද ලංකාවේ දැනට පවතින අත්‍යවශ්‍ය ආහාරවල හිඟතාව ඉදිරියේදී දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද එහි සඳහන් වේ.
මෙම තත්වයට තාවකාලික පිළියමක් හැටියට දෛනික වෛද්‍ය සැත්කම් හා ජීවිත අවදානම් තිබෙන ලෙඩ රෝගවලට භාවිත කරන උපකරණ සිමාසහිතව භාවිත කිරීමට තීරණය කර ඇතැයි වෛද්‍ය සංගම් පවසයි.
කෙසේ වෙතත් එය කිසිසේත් හිතකර තීන්දුවක් නොවන්නේ යැයි ද හදිසි නොවන වෛද්‍යමය අවස්ථා වුව ද පැය කිහිපයක් ඇතුළත ජීවිත අවදානමක් ඇති තත්වයකට පරිවර්තනය විය හැකි යැයි ද එම ලිපියේ අවධාරණය කර ඇත.
වෘත්තීයවේදින් කණ්ඩායමක් හැටියට මෙම අර්බුදය ජය ගැනීමට පාලනාධිකාරියට සහාය වන්නේ
කෙසේදැයි හඳුනාගෙන ඇතැයි ද රටවැසියන්ගේ යහපැවැත්ම උදෙසා කළ හැකි සියලු කැපකිරීම්වලට තමන් සූදානම් යැයි ද ඔවුහු සිය ලිපියෙන් පවසති.
ඒ අනුව, සිය ලිපියේ අවධාරණයන් ගැන සැලකිල්ලට ගෙන රටේත් ජාතියේත් සුබසෙත පතා ජනාධිපතිවරයා ඊට කඩිනම් අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
No comments:
Post a Comment