මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම -කුරුණෑගල කොටසේ නාකලගමුව ආසන්නයේදී කුරුණෑගල මහ නගර සභාවට අයත් ගිනි නිවිමේ රථයක් මාර්ගයේ ආරක්සක වැටේ ගැටී පෙරළී එහි ගමන් ගත් ගිනි නිවීම් භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, නාකගමුව 67.2 L කණුව ආසන්නයේ රිය අනතුරක් සිදුව තිබූ ස්ථානයකට ගමන් කරමින් සිටියදී මෙලෙස ගිනි නිවීමේ රථය අනතුරට ලක්ව ඇති බව ය.
අනතුර සිදු වන අවස්ථාවේදි රථයේ රියැදුරු සමග ගිනි නිවීමේ භටයින් සිව් දෙනෙකු එහි ගමන් කර ඇත.
ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේදි මෙලෙස එක් භටයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය සඳහන් කළේ, මිය ගිය ගිනි නිවීමේ භටයා 37 හැවිරිදි හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ය.
පොතුහැර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment