Monday, 25 April 2022

මැක්රොන්ට යළිත් ජනවරමක් !


මධ්යස්ථමතධාරී ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි.

ජනාධිපතිවරණයේ ප්රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 44 හැවිරිදි මැක්රොන් සියයට 58 කට වැඩි ඡන්ද ප්රතිශතයක් හිමි කරගෙන තිබුණු අතර, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා 53 හැවිරිදි අපේක්ෂිකා මරීන් ල පෙන් ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 42 ක ඡන්ද ප්රතිශතයක් පමණි.
ඒ අනුව, දශක දෙකකට පසු, පිටපිට ජනාධිපතිවරණ දෙකක් ජයග්රහණය කළ පළමු ප්රංශ ජනාධිපති ලෙස මැක්රොන් සැලකෙයි.
මැක්රොන්ගේ ජයග්රහණය තහවුරු වූ සැණින්, ල පෙන් මැක්රොන්ට සුබ පතමින් කියා සිටියේ එය ඉතා විශිෂ්ට ජයක් බවය. ‘ඒක ඇත්තමට විශිෂ්ට ජයග්රහණයක්. ජනමතයට මා හිස නමනවා. මැක්රොන්ට මා සුබ පතනවා’ යැයි ල පෙන් පැවැසුවාය.

(රොයිටර්)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...