අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා විසින් යොමු කරනු ලැබූ ලිපියේ සඳහන් කරුණු පිළිබඳව අදහස් දක්වමිනි.
එමෙන් ම, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර එය සිදු විය යුතු බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව උන්වහන්සේ පැවැසූහ.
"ෂෙත්‍රෙනිකායික මහ නායක හිමිවරුන් පසුගිය අවස්ථා කිහිපයකදී ම ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට ලිඛිතව දැනුම් දුන්නා. අනුශාසනා කළා වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් වශයෙන් කළ යුතු ක්‍රියාදාමයන් පිළිබදව.
ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමුකළ ගරු ජනාධිපතිතුමා අතිගරු මහානායක මාහිමිපාණන්වහෂ්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා එතුමාගේ ප්‍රතිචාරය. ඒ අනුව මහ නායක මාහිමිපාණන් වහන්සේලා දැනුමිදුන් ආකාරයට ඒ ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් නැති කරලා, මහජනතාවගේ ශුභසාධනය සිද්ධ කිරීමට උත්සුක වෙන බව සඳහන් කරනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකචිඡා පිළිබඳව ත් සඳහන් කරනවා. ඒ වගේ ම අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමාගේ කැමැත්ත පළ කොට තිබෙනවා. ඒ සමග ම ව්‍යවස්ථා සංශෝධ්‍යානය පිළිබද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලාං, ඒ කටයුතු සිදුවිය යුකු බවත් ඒකුමා දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී ත් යම් යම් කරුණු තිබෙනවා නම් අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේලොව දැනුවත් කරන බවත් එතුමා දැනුම් දී තිබෙනවා.”

No comments:
Post a Comment