Wednesday, 6 April 2022


"පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට පහර දිය යුතු බවට හා ඝාතනය කළ යුතු බවට" සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.


අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වසර 06ක කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොදුරු වූ අයෙකු බවය.


සැකකරු අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති අතර එම අවස්ථාවලදී ඔහු රෝහලෙන් පැනගොස් ඇති බව අනාවරණය වී තිබේ.


නාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...