Saturday, 30 April 2022

විරෝධතාකරුවන් බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳ දමයි.!


ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට අදට දින 21කි.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට එක්වූ විරෝධතාකරුවන් ඊයේ (29) මධ්යම රාත්රිය පහන්වන තුරුම අරගල භූමියේ රැඳී සිටිමින් විවිධ විශේෂාංග සංවිධානය කර තිබුණි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වැටෙහි සවිකර තිබූ විරෝධතා පුවරු ආරක්ෂක අංශ අද අලුයම ඉවත් කර ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දුනි.
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවේ දෑස් කළු පටියකින් බැඳ දැමීමට අයෙකු කටයුතු කර තිබුණි.
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක්ද පාගමනින් පැමිණ අද අරගලයට සිය සහාය පළ කළේය.
විදෙස්ගත ශ්රී ලාංකිකයින්ගේ ආධාර මත අරගල භූමියේ සිටින පිරිස් සඳහා ආහාර පාර්සල් බෙදාදීමක් ද සිදුවිය.
වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරි කමිටුව සංවිධාන කළ විරෝධතා පාගමනක්ද අද පස්වරුවේ ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වුණි.
මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් වන ලෙස බලකරමින් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව ද තවදුරටත් ක්රියාත්මකය.
අද පෙරවරුවේ පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පදික වේදිකාවේ නවතා තිබූ බස්රථවල ප්රදර්ශනය කළ විරෝධතා පුවරු ගලවා දැමීමත් සමග නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.
එමෙන්ම උපවාසයේ නිරත තරුණයින් තිදෙනාට අව්රශ්මිය වැළැක්වීම සඳහා සවිකර තිබූ ආවරණයද ගලවා දැමීමට මෙහිදී පොලිසිය කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් විරෝධතාකරුවන් ප්රධාන මාර්ගයේ හිඳ සිය විරෝධය පළ කළේය.
විරෝධතාවයේ සිටි තරුණයෙකුට කිසියම් අයෙකු පහරදීමක් සිදුකර තිබූ අතර ඔහුව ගිලන්රථයක් මගින් රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.
උපවාසයේ නිරත තරුණයින් තිදෙනාගේ සෞඛ්ය තත්ත්වය පරීක්ෂා කිරීම ශ්රී ලංකා රතු කුරුස සංවිධානයේ වෛද්යවරුන් අද සිදුකළ අතර එහිදී එක් අයෙකුට උපවාසය අවසන් කරන ලෙසට වෛද්යවරුන් උපදෙස් දී තිබේ.
මෙම විරෝධතාවයේ නිරත පිරිසට එල්ල වන පීඩාවන් සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිඥවරුන් පිරිසක් විරෝධතාකරුවන් සමග අද කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණියේය.
එහිදී අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ,
"අරලියගහ මන්දිරයේ ශබ්ද විකාශන යන්ත්ර භාවිතයට අදාළ බලපත්ර අපි අද කොල්ලුපිටිය පොලීසියෙන් ඉල්ලුවා. එයාලා ගාව බලපත්රයක් නෑ කියලා කිව්වා. කොල්ලුපිටිය පොලීසිය තවදුරටත් මේ අනීතික කටයුත්ත නතර කරන්නේ නැත්තම් අරලියගහ මන්දිරය ඉදිරිපිට කරන උද්ඝෝෂණය කොල්ලුපිටිය පොලීසිය ඉදිරියට අරගෙන එනවා."

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...