Friday, 29 April 2022

IMF ගිහින් මොකද වුණේ?: මහ බැංකු අධිපති කියන කතාව !


ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (අප්‍රේල් 28) ලංකා වාණිජ මණ්ඩල කමිටුව අමතමිනි.

ඒ සඳහා සාර්ව මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපනය කිරීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බව ත් ඊට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

හදිසි ආර්ථික ගැටලු විසඳීම සඳහා අතිරේර්ක ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවක් ලෙස පවතින බව ත් රජයේ සුරැකුම්පත් සහ ශ්‍රි ලංකා සංවර්ධන බැඳුම්කර ආකාරයෙන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බව ත්,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා කඩිනම් කිරීම සහ තිරසාර ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ප්‍රමුඛතාව වන අතර ම, දේශපාලන පසුබිම කුමක් වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගය දිගට ම කරගෙන යන බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන් ම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදි සියලු ම ණය හිමියන්ට සමානව සලකන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඉහළ යන ජීවන වියදමත් සමග සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

ඒ සඳහා, ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික නියෝජිතායතන, ජනගහනයේ අවදානමට ලක්විය හැකි කොටස් සඳහා ආධාර කිරීමට ඇති අරමුදල් නැවත වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ඉල්ලා සිටින බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...