මහා සංඝ රත්නයේ ඉල්ලිමට ද අවනත නොවී අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම්, ඉදිරි ප්‍රතිඵල භායනක විය හැකි බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අනතුරු අඟවකි.
අද පැවති සර්ව ආගමික මාධ්‍ය හමුවේදි උන්වහන්සේ පෙන්වා දුන්නේ, සියලු පක්ෂ කැඳවීමට පෙර ජනාධිපතිවරයා සතු බලතල භාවිත කර දැනට උද්ගත වී ඇති සියලු ප්‍රශ්න විසඳිය හැකි බව ය.
අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
"එක පයින්, එක ඉරෙන් අගමැතිවරයා ගෙදර යැව්වා නම් මේ ප්‍රශ්නය යම් තැනකට ගෙනයන්න පුළුවන්. ඒක කරන්නෙත් නැහැ. ඒක කරන්නේ නැතුව එක දවසක් ගේනවා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු. තව දවසක් ගේනවා ප්‍රාදේශීය සභාවේ සභාපති ලා. එයාල ගෙනල්ලා කියනවා අරලිය ගහ මන්දිරයට දැන් අත උස්සන්න මම ඉන්න ඕනේ ද? නැද්ද? ඩමි තුනක් දාලා අත උස්සලා කියනවා, හරි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ඕන. ඔබතුමා නැත්නම් අපි මැරෙනවා වගේ එකක් කියනවා.
ඒක කිවාම මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා, මම යන්නේ නැහැ, මම යන්න සූදානම් නැහැ මට යන්න කියන්නෙත් නැහැ. මම තමයි ජන මතයේ නියෝජනය වගේ එකක් කියල තව දුරටත් දිනෙන් දින පුපුරා පුපුරා ගින් ගන්න මේ අර්බුදය තව දුරට හෝ අර්බුදයෙන් අර්බුදයට ගෙන යන තත්ත්වයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩසටහන ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ.”
No comments:
Post a Comment