බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදු වන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත නීතිපති උපදෙස් මත කද්දේ කපුගේ ශ්‍රිනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අය සැකකරුවන් ලෙස නම් කර ඔවුන්ට ලබන මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (අප්‍රේල් 29) නොතිසි නිකුත් කළේ ය.
"බුදුන්ගේ රස්තියාදුව’ නම් පොතක් මුද්‍රණය කරමින් එය බෙදා හැරීම මගින් බුදු දහමට අපකීර්තියක් හා බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට අපකීර්තියක් සිදුවී ඇති බවට 2018 අගෝස්තු මස 20 වන දින එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ බුද්ධි විදේශීණ හා නිවාරණ කොට්ඨාශය අධිකරණය හමුවේ වාර්තා කළේ ය.
එම විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එහි උදෘත නීතිපතිවරයා වෙත උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කළ අතර ඒ අනුව සැකකරුවන් විසින් වරදක් සිදුකර ඇති බවට අනාවරණය වන බැවින් කද්දේ කපුගේ ශ්‍රිනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අය නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) (ආගමික හැගිම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ආදිය සිදු කිරීම) සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලෙසට නීතිපති උපදෙස් ලැබී ඇති බව අපරාධ බුද්ධි වි ල්සණ හා නිවාරණ කොට්ඨාශය අධිකරණය හමුවේ පැවසිය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා නොතිසි නිකුත් කළේ ය.
No comments:
Post a Comment