අද (අප්‍රේල් 30) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට ආර්ථිකයේ ඉදිරි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්සය අද පැවැත්වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසිය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වී ස්වාධින වීමට තීරණය කළ පසු නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් විමට තමන් මිට පෙර තීරණය කළ බව ඔහු පැවසිය.
ඔහු සඳහන් කළේ, එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ද තවමත් එය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරනු ලැබ නොමැති බව ය.
අනතුරුව යළි ත් ඊයේ (අප්‍රේල් 29) දිනයේදි එහි පිටපත් දෙකක් ජනාධිපතිවරයා වෙත සහ කතානායකවරයා වෙත යොමු කළ බව ඔහු පැවසීය.
ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය දා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දිමෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, තමන් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කරන්නේ අප්‍රේල් මාසය තුළ පමණක් බව ය.
ඒ හේතුවෙන් එළඹෙන 4 වන දින පාර්ලිමේන්තු සැසියේදි සිදු කළ යුතු පළමු කාර්යය වන්නේ, නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීම බව ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව ගත් තීන්දු තීරණ පිළිබඳව ද දිර්ඝ වශයෙන් පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, රටේ ආර්ථික තත්ත්වය ඉදිරියේදී තවදුරට ත් අසීරු වනු ඇති බව ය.
එම තීරණවලින් රටේ "ආර්ථිකය කඩා වැටුණු ආකාරය" පිළිබඳව ද ඔහු එහිදී පැහැදිලි කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවර ණය ලබා දිමේදි අප රටට ණය යළි ගෙවිමේ ප්‍රවණතාව පිළිබඳව ද යම් අවපාතයක් පවතින බව ක් මේ වනවිට එහි ණය ගෙවීමේ ප්‍රතිශතය සියයට 170ක් ආසන්න කර ඇති බව ක් ඔහු පැවසිය.
ඔහු ප්‍රකාශ කළේ, මෙරට ණය ගෙවීම අසීරු අඩියක පවතින බව ය.
වත්මන් රජය බලයට පත් වූ පසු කළ පළමු වරද රාජ්‍ය ආදායම අඩු කරගෙන, වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 3ක මුදල් මුද්‍රණය කිරීමට කටයුතු කිරීම බව ඔහු පැවසිය.
ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් ඇති අයෙකු පවා දන්නා කාරණයක් වන්නේ, මුදල් අච්චු ගැසූ විට නියත වශයෙන් රට තුළ මූල්‍ය අවපාතයක් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු වැඩිදුරට ත් අවධාරණය කළේ, මෙම තත්වය පාලනය කිරීමට නම් සෑම බැංකුවක් ම බැංකු පොළී අනුපාත වැඩි කළ යුතු අතර, එම අවස්ථාවේදි ද මෙරට මහ බැංකුව කළේ, සිය පොළී අනුපාත පහළ දැමීම බව ය.
No comments:
Post a Comment