Saturday, 30 April 2022

ජනපතිට යැවූ ලිපියේ අස්ගිරි මහ නා හිමි තැබූ අත්සන ගැන පැහැදිලි කිරීමක්


ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් විසින් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියට අස්ගිරි මහ නා හිමියන් විසින් සිය අත්සන තබා ඇත්තේ කැමැත්තෙන් ම බව අස්ගිරි මහා විහාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම විහාරය මේ බව සඳහන් කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහ නා හිමියන්ගේ අත්සන සම්බන්ධයෙන් මේ වන විට පැන නැගී ඇති මත පිළිබඳ මහ නා හිමියන්ගේ පෞද්ගලික ලේකම්, ආචාර්ය මුරුදෙණියේ ධම්මරතන හිමියන් විසින් පැහැදිලි කිරීමක් කරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

අදාළ නිවේදනය මගින් උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් රාජ්‍ය බුද්ධි සේවාවට පැමිණිල්ලක් කරනු ලැබ ඇති බව ය.

එමෙන් ම, මාධ්‍ය තුළ පළ වන මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙකු අතිපූජ්‍ය මහ නා හිමියන්ගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් කර නැතැයි ද අදාළ නිවේදනයේ උන්වහන්සේ සඳහන් කර තිබේ.

සත්‍ය අසත්‍යාව නිසි පරිදි විමසිමකින් තොරව එවැනි කරුණු සමාජගත කිරීම බරපතළ වරදක් බව උන්වහන්සේ එමගින් වැඩිදුරට ත් අවධාරණය කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...