පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ දේශපාලන න්‍යායයන් පැත්තකින් තබා ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නැගීමට සහ ඒ තුළින් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දිමට මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විපක්ෂය විරෝධතා පා ගමන් යාමෙන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බහුතරය සෙවීමෙන් කිසිදු ගැටලුවකට විසඳුම් නොලැබෙන බව ය.
"ඔළුවේ අමාරුවක් තියෙනවා නම් ඇඟේ අමාරුවට බෙහෙත් දිලා වැඩක් නැහැ. හෙම්බිරිස්සාව නම් උණට බෙහෙත් දිලා වැඩක් නැහැ. අද අපි දකිනවා ලෙඩේට නෙවෙයි බෙහෙත් දෙන්නේ. ඒ හින්දා සියලු නායකයෝ සෘජු තීන්දු ගන්න. සෘජු තීන්දු අරගෙන ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න ඕන.
ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, අගමැතිතුමා වෙන්න පුළුවන්, විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන්, ඍජු තීන්දු ගන්න ඕන. ඍජු තීන්දු අරගෙන රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන. ඒ ප්‍රශ්න වහගෙන වැඩක් නෑ. සහ ලෙඩේට නැතුව වෙන ලෙඩවලට බෙහෙත් දීල ත් වැඩක් නෑ.”
පළමුව දේශපාලන ස්ථාවරය ගොඩ නැගිය යුතු අතර ඒ තුළින් ආර්ථික ස්ථාවරය කරා රට රැගෙන යා හැකි බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරට ත් පැවසිය.
No comments:
Post a Comment