Thursday, 28 April 2022

“කළු සල්ලි සුදු කළ” බව කියන නාමල්ට එරෙහි නඩුව විභාග කරන්න දින නියම වෙයි !


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන සැප්තැම්බර් 14 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (අප්‍රේල් 28) නියෝග කළේ ය.

ඒ අනුව, සාක්ෂිකරුවන්ට එදින සාක්ෂි ලබා දිම සඳහා අධිකරණය හමුව්වේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළේ ය.

නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදි නාමල් රාජපක්ෂි ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණයේ පෙනී සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් 2013 ඔක්තෝබර් මස 1 සිට 2014 අගෝස්තු 31 අතර කාලයේදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , ගවර්ස් කෝපරේට් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ වරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉර්යා සිල්වා සහ නිත්‍යා සේනානි සමරනායක යන අය නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ තිබිණි.


හංසි නානායක්කාර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...