Saturday, 9 April 2022

රට අතහැර යන්නන් තවත් ඉහළට...!


රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්ර (පාස්පෝට්) සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්යාව සියයට 30 - 40 අතර සංඛ්යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා කරුණ විමසීම්ද ඒ හා සමානව වැඩිවී ඇතැයි එහි ප්රකාශකයෙක් පැවසීය.
රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගතවීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් බව දැනගන්නට ඇත.
විදේශ රටවල දැනට ජීවත්වන ශ්රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය කිට්ටුවන්ත ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමද වැඩිවී ඇති අතර බොහෝ පිරිසක් එවැනි අනුග්රහ අපේක්ෂාවෙන් සිටින බවද අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.
එසේම නීති විරෝධී ක්රම මගින් විදේශයන්ට පලා යන පිරිස්ද වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ආරක්ෂක අමාත්යාංශය පවසයි.
ශ්රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීම හෝ ඒ සඳහා දරන උත්සාහයන් ගැන තොරතුරු සහ විමසීම් රාශියක් සමාජ මාධ්ය ජාලවල සංසරණය වනුද මේ දිනවල සුලභව දැකිය හැක.
මේ සඳහා වෙනම සමාජ මාධ්ය ජාල කණ්ඩායම් පවා නිර්මාණය කර ගෙන සිටින අතර, තරුණ පිරිස් සේම පුද්ගලයන් පිටරට යවන 'ඒජන්සි' හිමියෝද එම කණ්ඩායම් අතරේ ඉතා ක්රියාකාරීව සිටිති.


 සුජිත් හේවාජුලිගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...