ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඊයේ (අප්‍රේල් 1) මධ්‍යම රාත්‍රියේ සිට එම ගැසට් පත්‍රය බලාත්මක වනු ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වා ගෙන යාම සඳහා රට පුරා හදිසි අවස්ථා නිතිය ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් 1959 අංක 08 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ 02 වන වගන්තියෙන් තම බලතල ප්‍රකාරව අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක වනු ඇත.
No comments:
Post a Comment