රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ බැංකු කටයුතු පවත්වා ගෙන යාම සඳහා බරපතළ ගැටලු උද්ගත වී ඇතැයි ලංකා බැංකු සේක සංගමය පවසයි.
විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කරන අතර මේ වන විට එම යන්ත්‍ර සඳහා ඩිසල් ලබා ගැනීමේ බරපතළ ගැටලු පැන නැගී ඇති බව ය.
ඩීසල් නොමැති වීම හේතුවෙන් ඇතැම් බැංකුවල කටයුතු අකර්මණ්‍ය වූ බව ද පැවසීය.
ස්නානායක මහතා ප්‍රකාශ කළේ, රාත්‍රී කාලයේ බැංකු වසා තැබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මකව තිබිය යුතු වුව ද, පවතින ඩිසල් හිඟය හමුවේ එය අභියෝගයට ලක්වී ඇති බව ත් දැඩි පරිශ්‍රමයක් දරමින් තත්ත්වය කළමනාකරණය කරන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු අවධාරණය කළේ, දිගින් දිගට ම මෙම තත්වය පැවතියහොත් විදුලිය විසන්ධි කර තබන කාලයේදි ATM යන්ත්‍ර ඇණහිටිමට බොහෝ දුරට ඉඩ ඇති බව ය.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලිමකදී ද තහවුරු වූයේ ඇතැම් බැංකුවල රාත්‍රී කාලයේ ATM යන්ත්‍ර ක්‍රියා විරහිතව පැවති බව ය.
දිවා කාලයේ බැංකු කටයුතු සඳහා ඉන්ධන පිරිමසා ගැනීමට එම බැංකු රාත්‍රී කාලයේ ATM යන්ත්‍ර ක්‍රියා විරහිත කර තබා ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි.
එය රන්ජන් සේනානායක මහතා ද තහවුරු කළේ ය.
තවදුරට ත් කළ සොයා බැලිමේදි අනාවරණය වූයේ, ඇතැම් බැංකු සතු ඩිසල් අද දිනය සඳහා පමණක් ප්‍රමාණවත් බව ය.
"සමහර තැන්වල වහන්න වුණා. දැන් එක යි දෙක යි නේ. මේ යන විධියට ගොඩක් තැන්වල එහෙම අඩාළ වෙන්න ඉඩ තියෙනවා. බැංකුවලට ප්‍රමුඛතාවක් දෙනවා ඩීසල් දෙද්දී. නමුත් ඒගොල්ලන්ට ත් බඩු නැහැ නේ ඉතින්. අපි යෝජනා කරන්නේ මේ විධියට මම හිතන්නේ අපිට රෑ යම් වෙලාවක් මේවා (ATM) වහලා හරි තියන්න වෙනවා. නැත්නම් තියෙන ඩීසල් ප්‍රමාණෙන් දවල්ට හරි දෙන්න බැරි වෙනවා න්නේ."
ඒ අනුව, බැංකු කටයුතු අත්‍යවශ්‍ය සේස්වාවක් ලෙස සලකා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.
ස්නානායක මහතා ප්‍රකාශ කළේ, පවතින තත්වය හමුවේ බැංකු සේවක සේකාවන්ට ද රාජකාරි කටයුතුවල නිරත වීමේ අපහසුතා ද පැන නැගී ඇති බව ය.
මෙම අපහසුතා හමුවේ බැංකු සේවා කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කරමින් සියලු ම බැංකු ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කළ බව ද ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා වැඩිදුරට ත් පැවසීය.
ගනුදෙනුකරුවන් ද ප්‍රකාශ කළේ, බැංකු සේවා කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ය.
නියමිත කාලවකවානු තුළ ණය ගෙවා ගැනීම් කර ගත නොහැකිව, මුදල් ගනුදෙනු කර ගත නොහැකිව තමන් දැඩි මානසික පීඩනයට පත්ව සිටින බව ඔවුහු පැවසූහ.
No comments:
Post a Comment