Friday, 1 April 2022


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ හැකි ණය වැඩසටහනක් පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග ඉදිරි දිනවලදි සාකච්ඡා ආරම්භ කරන බව එහි ප්‍රකාශක ජෛරී රයිස් පවසයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්ත කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් සඳහා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වොෂින්ටනයේ සංචාරය අතරතුර මෙම සාකච්ඡා දිගට ම පවතිනු ඇතැයි රයිස් මාර්තු 31 බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන මූල්‍ය වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කැමැත්ත පළ කර ඇතැයි ද රයිස් නිත්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකදී පවසා තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන මාසයේ සිය නව ලෝක ආර්ථික දැක්ම නිකුත් කරන විට ශ්‍රී ලංකාව සඳහා වන එහි පුරෝකථනය යාවත්කාලීන කරන බව රයිස් ප්‍රකාශ කර ඇති නමුත් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා දී නොමැති බව ය.

එම මූල්‍ය අරමුදලේ නිලධාරීන් සම සාකච්ඡා සඳහා බැසිල් රාජපක්ෂ මහතා මෙම මාසයේදී වොෂින්ටනයට පැමිණෙන බව තහවුරු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


කාංචනා විජයබණ්ඩාර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...