Monday, 2 May 2022

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් තව ත් අ. ඩොලර් මිලියන 200ක ණයක් !


ඉන්ධන සඳහා ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට තව ත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දිමට ඉන්දියාව සහතික වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මැයි 1 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බලශක්ති සහ විදුලිබල අමාත්‍යාංශයේ වත්මන් සහ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට පෙර ඉන්දියානු ණය පහසුකම යටතේ ඉන්දියානු රජය අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරටට ලබා දුන් බව ය.

ඉන් ඩොලර් මිලියන 400ක් ඉන්ධන මිල දී ගැනීම සඳහා මේ වන විට වියදම් වී ඇති බව ත් ඩොලර් මිලියන 100ක මුදලක් ඉතිරිව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ඉතිරිව ඇති එම මුදලින් මැයි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ කචන විජේන්සේකර මහතා මෙසේ පැවසීය.

"මීට අමතරව මුදල් අමාත්‍යවරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අපිට දන්වලා තිබුණා තවත් මිලියන 500ක් ඒ කියන්නේ, 500+200+500 ඒ කියන්නේ බිලියන 1.2ක් දක්වා. තව ත් 500ක් දක්වා දීර්ඝ කරන්න ඔවුන්ගේ අදහසක් තියෙනවා කියන එක. නමුත් තවමත් ඒ පිළිබඳ නිශ්චිතව වාර්තා කරලා නැහැ. ඒ ගත්ත තීරණය පිළිබඳව. ඊයේත් සාකචිඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා ඒ 500 මුදලෙන් ඒ කටයුතු කර ගැනීම සඳහා. “

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...