Monday, 2 May 2022

ගාලු මුවදොර අරගල භූමියට පැමිණි කැරලි මර්දන නිලධාරීහු ජනතා විරෝධය හමුවේ පසු බසිති !


ගාලු මුවදොර අසල ජනාධීපති කාර්යාලයේ ඉදිරිපිට අරගල භූමියට කැරලි මර්දන ඒකකය පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ අද (මැයි 2) පස්වරුවේ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

අරගල භූමියේ සවි කර තිබූ තාවකාලික වේදිකාවක් ඉවත් කිරීමට ඔවුන් එම ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා විය.

එම අවස්ථාවේ දී එහි සිටින අරගලකරුවන් හඩ නගමින් ඊට විරෝධය දක්වා ඇත.

ජනතා විරෝධතාව හමුවේ ඉන් අනතුරුව කැරලි මර්දන නිලධාරීන් රැගත් පොලිස් ට්‍රක් රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අප්‍රේල් 9 වන දා ආරම්භ කළ මෙම විරෝධතාව ජනාධිපති ලෙන්ට් කාර්යාලය ඉදිරිපිට අද 24වන දිනට ක් ක්‍රියාත්මක ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...