හොලිවුඩ් රංගන ශිල්පිනී ඇන්ජලිනා ජොලි අප්‍රේල් 30 යුක්රේනයේ, ලිවිව් නගරයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුද්ධයෙන් අවතැන් වී එම නගරයේ දුම්රිය ස්ථානයේ රැඳී සිටින ජනතාව හමුවීමට ඇය එහි පැමිණි බව ය.
දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේදී ඇයට අවතැන් වූවන් සමග වැඩ කරන ස්වේච්ඡා සේකයන් ද මුණගැසි ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ, දුම්රිය ස්ථානයේ සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු දෙකේ සිට 10 දක්වා වන ළමුන් බව ය.
46 හැවිරිදි ජොලි එක්සත් ජාතින්ගේ සරණාගත ඒජන්සියේ විශේෂ නියෝජිතවරියක් ද වෙයි.
පසුගිය මාස දෙක තුළ මිලියන 12.7 කට වැඩි ජනතාවක් සිය නිවෙස්වලින් පළා ගොස් ඇති අතර එය යුක්රේනයේ පූර්ව යුධ ජනගහනයෙන් 30%ක් පමණ වන බව එක්සත් ජාතින්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවේ දි සිටින අවස්ථාවේදි ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමට පටන් ගත් අතර පසුව ජොලි ඇගේ සහයකයින් සමග ඉක්මනින් දුම්රිය ස්ථානයෙන් පිටව ගිය බව ය.
Hollywood actress Angelina Jolie is on an observation tour of the city of Lviv, Ukraine on April 30. Foreign media reported that she was there to meet people displaced by the war and staying at the city's railway station. On her way to the train station, she also met volunteers working with the displaced, who said most of those at the station were children between the ages of two and 10. Jolie, 46, is also a special envoy to the United Nations High Commissioner for Refugees. The United Nations refugee agency says more than 12.7 million people have fled their homes in the past two months, about 30% of Ukraine's pre-war population. Foreign media reported that the air strike siren started ringing while she was on an observation tour of the station and then Jolie quickly left the station with her assistants.
No comments:
Post a Comment