Sunday, 1 May 2022

'Risk of losing hundreds of thousands of jobs': Ranil warns ! “රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක්”: රනිල් අනතුරු අඟවයි !


උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදි රැකියා ලක්ෂ ගණනක් අහිම් වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ නව නගර ශාලාවේ මැයි 1 පැවති එක්සත් ජාතික පක්ෂ ජාත්‍යන්තර මැයි දින රැලිය ඇමතු අවස්ථාවේදි ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට ත් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රි ලංකාව මේ වන විට අරාජික වී ඇති බව ය.

21 වන සංශෝධනය මගින් මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බව ද ඔහු එහිදී පැවසිය. එබැවින් මෙරට ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

"අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ව්‍යාපාර බංකොලොත් වෙලා. කෘෂිකර්මාන්තයට පොහොර නැහැ. ධීවරයින්ට ඩීසල් නැහැ. අපේ රැකියා ගණනාවක් නැති වෙලා තියෙනවා. තවත් රැකියා ලක්ෂ ගණන් නැතිවෙන්න පුළුවන්. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ගණනාවක් කඩා වැටෙන්න පුළුවන්. අද මේ රටේ තරුණයින්ට විතරක් නොවෙයි, සියලු දෙනා ට ම අනාගතය නැති වෙලා තියෙනවා.”

UNP leader and former Prime Minister Ranil Wickremesinghe says that there is a risk of losing hundreds of thousands of jobs in the future due to the economic crisis. He was addressing the UNP International May Day Rally at the Colombo New Town Hall on May 1. He also pointed out that many people have lost their jobs due to the economic crisis. The former Prime Minister stated that Sri Lanka is now in anarchy. He also said that the 21st Amendment would not solve the country's economic problems. Therefore, he emphasized that the solution to the country's economic problems should be a priority. "Our economy has completely collapsed, businesses have gone bankrupt, agriculture has no fertilizer, fishermen have no diesel, we have lost many jobs, hundreds of thousands more jobs could have been lost and many small and medium enterprises could collapse, not just the youth of this country today. Everyone has lost their future. ”

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...