කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මේ වන විට මෙරට ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම් හේතුවෙන් යළි වරක් රෝගීන් වැඩි වුවහොත් අනවශ්‍ය ලෙස සිමා පනවත්තට සිදු වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ , පසුගිය දීර්ඝ සති
අන්තයේදී ජනතාවගේ හැසිරීම් සම්බන්ධයෙන් කලකිරීමකට පත් වන බවත් අඩු තරමේ ජනතාව මුඛ
ආවරණයක් වුව නොපැළඳ කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදි නව රෝගීන් වැඩිවීමක් සිදු විය
හැකි බවත් ය.
තවදුරටත් මුඛ ආවරණ පැළඳීම, නිවසින් පිටතට ගිය අවස්ථාවකදී දෑත් සේදිම, අනවශ්‍ය රැස්වීම් සිදු නොකිරීම සහ මිටරයකවත්
දුරස්ථභාවය පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය පුරුදු අවම වශයෙන් එළඹෙන දෙසැම්බර් මාසය වනතෙක් හෝ දැඩිව පවත්වා ගෙන යා යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
" ඇත්තටම කනගාටුයි පසුගිය දවස් පහේ දීර්ඝ සති අන්තයක් තිබුණා. අපි මේ සති අන්තය පටන් ගැනීමටත් පෙර කිව්වා පළාත් සංවරණ සීමා පනවලා තියෙන්නේ, අපිහැමෝම නිවාඩුවක් ගත යුතුයි. නමුත් තාමත් ඒකට අවස්ථාවක් නොවේ. ඒ නිසා තමන්ගේ ගෙදරම රැදී ඉදලා මේ නිවාඩුව ගත කරන්න කියලා නමුත් අපි දන්නා බොහෝ පිරීස් සංචාරක ස්ථානවලට ගොස් තිබුණා. ඔවුන් බොහෝ පිරීස් අඩුම ගාණේ මුහුණු ආවරණයක්වත් නැතිව තමයි
එම ස්ථානවල හැසිරුණේ.
ඉතින් එහෙම ඇත්තට ම හැසිරෙන්න ගියොත් අපිට තව
රෝගින් වැඩිවීමක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. දැනටත් ඉනේ රෝගීන් 500600ක්
වාර්ත වන ස්ථානයක. නමුත් මට පේන්නේ අපේ ඒ පිළිබඳ නියන සැලකිල්ල ඉතාමත් අඩුයි. රෝගින්
වැඩි වුණාට පස්සේ අපිට නැවත වරක් අනවශ්‍ය ලෙස සීමාවන් පනවන්න සිද්ධ වෙනවා
නොසැලකිලිමත්කම නිසාය.
එනිසා අපිව ඒ තත්වෙට ඇදලා දාන්න එපා. අවම වශයෙන්
මුව ආවරණයවත් පැළඳගෙන,
තමන්
එළියට යනවා නම් එළියට ගිහින් එද්දී අත් දෙක පිරිසිදු කරගෙන, අනවශ්‍ය
රැස්වීම්,
රංචු
ගැසීම් වළක්වාගෙන සිටීම අත්‍යවශ්‍යයි.
මෙම පුරුදු අවම වශයෙන් දෙසැම්බර් අවසාන වන තෙක්
දැඩිව පිළිපැදිය යුතුයි. අපි දන්නවා එන්නත් දෙකම ගත්තත් රෝගය හැදෙන සම්හාවිතාවක්
තියෙනවා. නමුත් එන්නත්කරණය නිසා සංකූලතා අඩු වෙනවා. ඊළඟට මරණයට පත්වෙන්න තියෙන
සම්භාවිතාව අඩු වෙනවා නමුත් රෝගය හැදෙන්න පුළුවන්. රෝගය හැදිලා තමගෙන් තවත්
කෙනෙකුට යන්නත් පුළුවන්."
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment