Friday, 22 October 2021

මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලැබෙන ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා ප්‍රකාශ කළේ, මේ වන විට එක්දින සේවාව යටතේ විදෙස්  ගමන් බලපත්‍ර 1500ක් පමණ දෙනිකව නිකුත් කරන බවය.

 

කොරෝනා වසංගතයට පෙර දෛනිකව එක්දින සේවාව යටතේ නිකුත් කළ දළ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1000කි.

 

ඊට අමතරව, සාමාන්‍ය සේවාව යටතේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 1000ක් පමණ නිකුත් කරන බව ද, මීට පෙර එම සංඛ්‍යාව 600ක් වූ බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

මේ අතර, ඔක්තෝබර් 01 වන දා සිට 18 වන දා දක්වා නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 22139කි.

 

ඉන් 15889ක් ම එක්දින සේවාව යටතේ කඩිනමින් ලබා ගත් ඒවා වේ.

 

මේ අතර, රට තුළ පවතින තත්ත්වය හමුවේ විශාල පිරිසක් රට හැර යාමට උත්සාහ කරමින් සිටින බවට මාධ්‍යවල තොරතුරු වාරතා කර තිබිණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...