Friday, 22 October 2021

මෙරට පළමු වරට කළු දිලීර රෝගය වැළඳීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා පවසයි.


එලෙස මියගොස් ඇත්තේ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් මස 29 වන දින මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා ඇත.

 

එහි වාර්තාව පෙරේදා (ඔක්. 21) ලැබි ඇති අතර, ඒ අනුව මිය ගිය පුද්ගලයාගේ පෙනහලුවල කළු දිලිරය වැළඳී ඇති | බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය පර්යේෂණායතනයේ දිලිර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

 

එම වාර්තාව මරණ පරීක්ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ද යවා ඇත.

 

වෛද්‍ය රොහාන් පී. රුවන්පුර මහතා වැඩිදුරටත් පැවසුවේ, කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් කළු දිලිර රෝගී තත්වය ඇති වූ රෝගීන් මීට පෙර හඳුනාගෙන තිබුණ ද කළු දිලිර රෝගය හේතුවෙන් මෙරට සිදු වූ පළමු මරණය මෙය බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...