කොරෝනා වසංගතය යම් ආකාරයකට පාලනය කරමින් පවතින සමයක ජනතාව තුළ ක්‍රම ක්‍රමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දක්වන උනන්දුව හීනවෙමින් පැවතීම 'සුළුකොට තැකිය නොහැකි තත්ත්වයක්” බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මුඛ
ආවරණ නිසි ලෙස පැළඳීම,
පුද්ගල
දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි වසංගතයෙන් මිදීම සඳහා වැදගත් සෞඛ්‍ය මාර්ගෝපදේශ
නොතකා ජනතාව කටයුතු කිරීමේ දර්ශන දැකීමට සිදුවීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් බවය.
"රට යම් කිසි ආකාරයකට කොවිඩ් පාලනය වන සමයක මේ වන විට අපි දකිනවා ජනතාව කොවිඩ් සම්බන්ධයෙන් තියෙන උනන්දුව ක්‍රම ක්‍රමයෙන් හීන වේගෙන යනවා. ඒ වගේ ම දීලා තියෙන
මාර්ගෝපදේශ සම්බන්ධයෙනුත් ජනතාවගේ තැකීම අඩු වේගෙන යනවා. ඒක කිසිසේත් ම සුළු කොට සලකන්න පුළුවන් කාරණයක්
නොවේ. මේ වන විට මහා මාර්ගවල තියෙන දර්ශන ඉතාමත් ම අවාසනාවන්ත ප්‍රතිඵල ගෙන පුළුවන් දර්ශන. හුඟ දෙනෙක්ගේ මුණ ආවරණ තියෙන්නේ වැහිලා නෙවෙයි. ඒවා බෙල්ලට හෝ කටට සීමා වෙලා තියෙනවා. ඒ වගේ ම දුරස්ථභාවය ගැන කිසි ම කෙනෙක්ගේ තැකීමක් නෑ. ඒ සම්බන්ධයෙන්
බරපතළ විවේචනයක් තියෙනවා"
මෙම තත්වය නිවැරදි කිරීම සඳහා රජයට, සෞඛ්‍ය
අංශවලට මෙන් ම ආරක්ෂක අංශවල නිලධාරීන්ට වගකීමක් පවතින බව ද , එසේ කළහොත් කොරෝනා
සම්බන්ධ භීතියෙන් ගැලවී තවත් රැල්ලක් ඇති වීමේ අවදානමෙන් මිදිය හැකි බව ද ඔහු
වැඩිදුරටත් සඳහන් කළේය.
"රජයට වගේ ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට වගේ ම ඒ සම්බන්ධයෙන් කටයුතු කර ආරක්ෂක නිලධාරීන්ටත් වගකීමක් තියෙනවා මේවා නිවැරදි කරන්න. අපි විශ්වාස කරනවා නිවැරදිව මේවා කළමනාකරණය කළොත් තවත් රැලක් ඇති වීම වළක්වා ගන්න ඒ වගේ ම කොවිඞ් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන
මේ භීතිකාව අවසන් කරලා මේ රටට අවශ්‍ය විදේශ විනිමය හොයාගන්න, අනෙකුත් කාරණාවලට අවශ්‍ය දේ සාමාන්‍ය වාතාවරණය නිර්මාණය කිරීමට හැකියාව තියෙනවා ඒක
නිර්මාණය කර සෞඛ්‍ය ක්ෂේත්‍රයට විතරක් බෑ. ජනතාවට වගකීමක් තියෙනවා, රජයට වගකීමක් තියෙනවා, සෞඛ්‍ය
ක්ෂේත්‍රයට වගකීමක් තියෙනවා අපි අපගේ වගකීම බොහෝ දුරට ඉෂ්ට කරලා තියෙනවා සහ ඉෂ්ට
කරමින් ඉන්නවා.
"
No comments:
Post a Comment