Monday, 25 October 2021

පාසල් දරුවන්ට 'ගෙදර වැඩ (homework)’ සහ අමතර පන්ති නිසා ඇති වන පීඩනය අවම කිරීම සඳහා නව අධ්‍යාපන නීතියක් බලාත්මක කිරීමට චීනය තීන්දු කර තිබේ.


මෙම නීතියට අනුව දරුවන්ට විවේක ගැනීමට සහ ව්‍යායාම් කිරීමට නිසි වේලාවක් ලබා දෙන ලෙසත්, ඉන්ටර්නෙට් භාවිතය අවම කරන ලෙසත් දෙමව්පියන්ට බල කෙරෙනු ඇත.

මීට සමගාමීව අවුරුදු 6 සහ 7 වයස් වල පසුවන දරුවන්ගේ ලිඛිත විභාග පසුගිය අගෝස්තු මාසයේදි තහනම් කෙරිණි.

බලධාරීන් පවසන්නේ, දරුවන්ට නිසි විවේකයක් සහ ව්‍යායාම් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයට ද අහිතරක බලපෑම් ඇති වන බව ය.

දරුවන් ඉන්ටර්නෙට් සඳහා සහ ජනප්‍රිය සංස්කෘතියට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා ද චීන රජය පසුගිය වසරේදී පියවර රැසක් ගෙන තිබිණි.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...