වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සඳහා මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර තිබේ.
එම අධිකාරිය පවසන්නේ, මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් සාපේක්ෂව පවතින බව ය.
මේ හේකුවෙන්, වයස අවුරුදු 30 අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත වෙනුවට ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගන්නා බව ඔවුහු පවසති.
කැනඩාව, පින්ලන්තය සහ ස්විඩනය ඇතුළු රටවල් රැසක් ද මේ වන විට මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
No comments:
Post a Comment