Wednesday, 17 November 2021


කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූ අතුරු ආබාධවලට ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් වන්දි ඉල්ලීමට සැලසුම් කර ඇතැයි සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඔස්ට්‍රේලියානුවන්10,000කට අධික පිරිසක් තමන්ට අතුරු ආබාධ ඇති බවට පැමිණිලි කර ඇති බවය.

Services Australia නමැති ආයතනය මේ සම්බන්ධයෙන් ඔන්ලයින් ඔස්සේ පැමිණිලි භාර දිය හැකි ක්‍රමවේදයක් සකසමින් සිටින අතර එය ලබන මාසය වන විට ආරම්භ කිරිමට නියමිත ය.

මේ වැඩපිළිවෙළ යටතේ කොවිඩ් එන්නත නිසා අතුරු ආබාධ ඇති වූ පුද්ගලයින්ට ඇමෙරිකානු ඩොලර් 5000කට අධික වන්දි මුදලක් ගෙවීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා හදිසි මුදල් වෙන් කිරීමක් සඳහා ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...