Sunday, 7 November 2021


 අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් "HIPPO SPIRIT" නැමති නෞකාව මේ වනවිට කළුතර - බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර ඇත.
හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට දැනුම් දී නොමැති බවය.
අවශ්ය සැපයුම් ලබාගැනීම සඳහා නෞකාවට කොළඹ වරයාට සේන්දු විය හැකි නමුත් එම අහිතකර කාබනික පොහොර තොග වරායට ගොඩබෑමට ඉඩක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ප්රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර සම්බන්ධයෙන් මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණ වී ඇත්තේ ඒ සඳහා ගිවිසුම් සකස් කිරීමේදී ඇතිවූ ගැටලුවක් නිසා බව රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් රාජ්ය අමාත්යවරයා මේ බව පැවසීය.
"ගහලා තියෙන ගිවිසුමත් එක්ක තියෙන ප්රධාන අර්බුදය තමයි හදපු ගිවිසුමට නිරෝධායනය හා රෝග වැළැක්වීමේ පනත අදාළ වෙනවා කියන එක දාලා නැහැයි කියන එක. ඒක තමයි අපිට නීතිමය වශයෙන් ඇවිල්ලා තියෙන තත්ත්වය. ඒ නිසා තමයි මේ තුන්වෙනි පාර්ශවයක් ගැන කතා කරලා තියෙන්නේ. රජය බොහොම පැහැදිලිව කිව්වා මේක පිළිගන්න සූදානම් නෑ කියලා. අපිට තියෙන එකම විසඳුම ඒ නැව ආපහු යවන එක තමයි."

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...