රාජ්ය සේවයෙන් 2016 වසරට පෙර විශ්රාම ලැබූ විශ්රාමිකයන්ට අග්රහාර රක්ෂණ ආවරණය ලබාදීම සඳහා විශ්රාම වැටුපෙන් මාසික කපාහැරීමක් සඳහා රාජ්ය පරිපාලන අමාත්යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක්රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්රලේඛයට අනුව 2016 වසරේ ජනවාරි මස 1 වැනි දිනට පෙර විශ්රාම ලැබූ වයස අවුරුදු 70 ට අඩු විශ්රාමිකයකුගෙන් රුපියල් 400 ක මාසික වාරික මුදලක් ද, වයස අවුරුදු 70 ට වැඩි විශ්රාමිකයකුගෙන් රුපියල් 600 ක මාසික වාරිකයන් ද, අයකරගැනීමට නියමිතය.
මෙම අයගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව රාජ්ය පරිපාලන අමාත්යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා නිකුත් කර ඇති චක්රලේඛයේ සඳහන් වේ.
විශ්රාම වැටුපෙන් එම මුදල් අයකිරීමට කිසියම් විශ්රාමිකයෙක් විරුද්ධ නම් මේ මස 12 වැනිදාට පෙර විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දිය යුතු බවත් එම දිනයෙන් පසුව මනාපය වෙනස්කිරීමට නොහැකි බවත් එම චක්රලේඛයේ සඳහන් වේ.
විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවියට පිවිස Public Service වෙත පිවිස ඒ හරහා ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණ්වුඩ ඔස්සේ කැමැත්ත හෝ අකමැත්ත ප්රකාශ කළ හැකිය.
නව වාරිකය අය කරන විශ්රාමිකයන්ට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබන්නේ නම් උපරිම දින 10 ක් සඳහා වසරකට රුපියල් 120,000 ක ආවරණයක් ද, රජයේ රෝහලක ප්රතිකාර ලබන්නේ නම් වරකට උපරිම දින 10 ක් දක්වා දිනකට රුපියල් 500 බැගින් උපරිම දින 20 කට රුපියල් 10,000 ක ආවරණයක් ද, වසරකට ගෙවීමට නියමිතය.
රජයේ රෝහලක ප්රතිකාර ලබන පුද්ගලයකුට වසරකට ඖෂධ වියදම් සඳහා රුපියල් 50,000 ක් සහ වෛද්ය පරීක්ෂණ සඳහා රුපියල් 20,000 ක් හිමිවන බව ද එම චක්රලේඛයේ සඳහන් වේ,2016 වසරේ ජනවාරි මස 1 වැනි දිනට පසු විශ්රාම ලැබූවන් මේ වන විටත් අග්රහාර රක්ෂණ ආවරණය ලබන බවත් ඔවුන්ගෙන් රුපියල් 200 ක මාසික වාරිකයක් පමණක් කපා හරින බවත් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් මෙම මුදල් කපා හැරීමට විශ්රාමිකයන්ගේ බහුතරයක් විරෝධය දක්වන බවත් පසුගිය දින කීපයේදී විශ්රාමිකයන් රැසක් ප්රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි විශ්රාම වැටුප් අංශ වෙත පැමිණ විරෝධය පළකර ඇති බවත් වාර්තා වේ.
යොහාන් භාසුර
No comments:
Post a Comment