Monday, 8 November 2021


 

භයානක Zika වෛරසය ඉන්දියාවේ වැඩි ම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයට ද ව්‍යාප්ත වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දරුවන් 17 දෙනෙකු ඇතුළු උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ 89 දෙනෙකු සිකා වෛරස් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වි ඇති බව ය.

මේ වන විට කාන්පූර්හි තත්ත්වය බරපතළ වෙමින් පවතින බවට එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය නේපාල් සිං පවසා තිබේ.

මීට අමතරව, පසුගිය සැප්තැම්බර් මාසයේදී සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබිණි.

සිකා වෛරසය ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වූයේ, 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙනි.

මදුරු විශේෂයක් මාර්ගයෙන් ආසාදනය වන මෙම වෛරසය හේතුවෙන් කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිත ආබාධ සහ තවත් දුලභ ආබාධ තත්ත්වෙයන් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

එය ආසාදනය වීමෙන් පසු මොළය හැකිළෙන අතර හිසේ ප්‍රමාණය කුඩා වන බව හඳුනාගෙන ඇත.

මෙම වෛරසය මදුරුවන් මාර්ගයෙන් ආසාදනය වුවත්, ලිංගික සබඳතා හරහා ද එය ආසාදනය විය හැකි බව සොයාගෙන තිබේ.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...