විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි වීමට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.
ඒ අනුව ලබන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා එම සහන කාලය ක්රියාත්මක වන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.
කාර්යංශයේ ලියාපදිංචි නොවී නිත්යානුකූල නොවන ආකාරවලින් විදෙස් ගතව රැකියාවල නිරත ශ්රමිකයන් සහ අදාළ කාලය ඉක්ම වූ පසු ලියාපදිංචි යාවත්කාලීන නොකර තවදුරටත් සේවයේ නිරත විදෙස් ශ්රමිකයින් හට අදාළ සහන කාලය ලබා දී තිබේ.
ඒ අනුව විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයන්ට රැකියාවේ නිරත රටේ තානාපති කාර්යාලයට පැමිණි වලංගු වීසා බලපත්රය සහ රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.
No comments:
Post a Comment